Wednesday, March 6, 2024

සංවර්ධනයට එරෙහි සංස්කෘතික බාධා (01 කොටස)

 

 සංවර්ධනයට එරෙහි සංස්කෘතික බාධා





ලොව පුරා විවිධ කලාපවල සමාජීය හා සංස්කෘතික බාධක ආර්ථික සංවර්ධනයට සහ වර්ධනයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. මෙම බාධාවන් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතා, වාර්ගික ආතතීන් සහ දෘඩ සම්ප්‍රදායන් සහ සම්මතයන් තිරසාර ආර්ථික ප්‍රගතියක් කරා යන මාවතට බාධා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් සපයයි.

 

සංවර්ධනය යනු කුමක්දැයි නිර්වචනය කිරීමේදී විවිධ පුද්ගලයන්, විවිධ ආයතන විවිධ විවිධාකාරයෙන් වය අර්ථ දක්වනු ලබති.සංවර්ධනය යන්න ක්‍රියාවලියක් වන අතර සරළ ව එහි අර්ථය ගෙන බලන විට පැහැදිළි වන්නේ යම් රටක ප්‍රදේශයක හෝ ගෝලීය වශයෙන් පුද්ගලයන්ගේ පවතින තත්වයේ සමාජීය, ආර්ථික,දේශපාලන අංශවල ඇති වන යහපත් මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනය සංවර්ධනය වන බවකි.සංවර්ධනය යන්නට ඩඩ්ලි සියර්ස් දක්වා ඇති පරිදි රටක දුප්පත්කම අඩු වී ඇත්ද ?එම රටෙහි අසමානතාව අඩු වී තිබේ ද ? ම රටෙහි සේවා වියුක්තිය අඩු වී තිබේද? එසේ නම් එවැනි රටක් සංවර්ධිත රටක් වේ .මෙයට අමතරව යම් රටක ජීවත්වන සෑම පවුලක් සඳහාම ප්‍රමාණවත් ආදායමක් තිබීම,එම පවුලේ වැඩ කළ හැකි සෑම පුද්ගලයකුටම ජීවනෝපාය මාර්ගයක් හෝ රැකියාවක් තිබීම එම පවුලේ සාමාජිකයන්ට අධ්‍යාපනය ලබා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවක් තිබීම, රජයේ සංවර්ධන ක්‍රියාවලියේ දී ජනතාවට ඒ සඳහා නිරය ගැනීමේ ඉඩ කඩ ලබාදීම හා එම රට ජාතියක් වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට හැකියාවක් ඇත්නම් එවැනි තත්ත්වයක් සංවර්ධනය ලෙස සියස් අර්ථ දක්වයි.

ඒ අනුව සංවර්ධනය යනු හුදෙක් හෙතියා හෝ කාණ්ඩයම ප්‍රශතියන්ට නොව ඉන් ඔබ්බට ගිය ප්‍රපංචයක් ලෙස හඳුනාගත හැකිය.ඒ අනුව සංවර්ධනය යන්න හඳුනා ගනුයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සමාජයේ සංවර්ධනයක් ඇති කරවන ඔහු දර්ශනීය වූ ක්‍රියාවලියක් ලෙසිනි .එසේම එය සමාජීය, ආර්ථික, පර්පාලනමය හා අවකාශීය සංවිධානය සංවිධානයන් පිළිබඳ ක්‍රියාකාරිත්වයේ මූලික වෙනස්කම් ඇති කරවන්නකි.ඉතා දැඩි සාමාන්‍යකරණයට ලක් කරන්නේ නම් සංවර්ධනය යනු මිනිසාගේ ජීවන තත්ත්වය තත්වය වැඩි දියුණු කිරීම් ක්‍රියාවලිය

ලෙස හදුනා ගත හැකිය.සංවර්ධනය යන්නට කුමන අර්ථ නිරූපණයන් ලබා දුන්නට කුමන දර්ශනයක් ඔස්සේ මනින ලැබුවද මානව සංහතියේ සමාජ ආර්ථික ප්‍රගතිය ඉන් ප්‍රකාශ විය යුතුය.එය කිසියම් සමාජ ස්ථරයකට හෝ කිසියම් කණ්ඩායමකට හෝ කිසියම් ප්‍රදේශයකට හෝ සීමා නොවී සමස්ත සමාජයේ සියලු දෙනා අතරට ගිය සමාජ සාධාරණත්වය කින් යුක්ත විය යුතුය.තෙවන ලොව ඇති දරිද්‍රතාව එහිදී සැලකිල්ලට ගත යුතුය. සංවර්ධනය පිළිබඳ කතිකාවන වඩාත් පුළුල්ව සාකච්ඡාවට බඳුන් වන්නේ විසිවන සියවසේ ස්වාධීනව තමන්ට ආවේණික මගක් ඔස්සේ ඉදිරියට ගමන් කරන්නේ කෙසේද නැතහොත් තම සංවර්ධන අභිමතාර්ථ සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සිතා බැලීමේදී සංවර්ධනය යන සංකල්පය 1950 දශකය තුළ පුළුල්ව සාකච්ඡාවට බඳුන් වෙයි.

සංවර්ධනය බහුමානික සංකල්පයක් ලෙස හැඳින්වීමේ දී එ මගින් සංවර්ධනය යනු ආර්ථික,සමාජයීය, සංස්කෘතික,දේශපාලනික,ආගමික හා ආධ්‍යාත්මක යනාදී සෑම අංශයකම සිදුවන ගුණාත්මක පරිවර්තනයක් ලෙස අදහස් කරනු ලබයි.ඒ අනුව ආදායම් සහ ධනය සමාන ලෙස බෙදී යාම සමාජ සාධාරණාත්වය, සමාජ සුරක්ෂිතභාවය, දේශපාලනික නිදහස,සමාන ඉඩප්‍රස්ථා, සනීපාරක්ෂක පහසුකම්, අධ්‍යාපන සෞඛ්‍ය වැනි සේවාවන්ගේ දියුණුව අප ජීවත් වන පරිසරය ආරක්ෂා වීම ආදී සෑම අංගයක්ම යම් යම් රටක් සංවර්ධනය වීමේ දී ක්‍රියාවට නැගිය යුතු බව පිළිගනු ලැබීය.එමෙන්ම සංවර්ධනය සහ සංස්කෘතිය පිළිබඳ අවධානය යොමු කරන විට මේ අතර පවතින්නේ පවතින අනෙන්නන්‍ය සම්බන්ධතාවයකි.යම් රටක සමාජයක සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමේ දී එය අදාල රටේ සමාජයේ, සමාජ සංස්කෘතිය හා බද්ධ ව ක්‍රියාවට නැගිය යුතුය.සංවර්ධන සංකල්පය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් විමර්ශනය කරන විට එය කවර හෝ සමාජයක් තුළ සමාජ, ආර්ථික දේශපාලන ආගමික හා ආධ්‍යාත්මක යන සෑම අංශයක් තුළින් ම ඉහළ අතට සිදුවන ප්‍රගතිය පිළිබඳ වෙනස් වීම ලෙස හඳුන්වනු ලබයි.මෙය අනාදිමත් කාලයක සිට දක්නට ලැබුණු ක්‍රියාවලියකි.එහෙත් බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන්ට රටවල සංස්කෘතිය හා සමාජය බලපෑම් එල්ල කරන අවස්ථා වැඩි වශයෙන් දක්නට ලැබෙයි.

1. සංවර්ධනය යනු

සංවර්ධනය යන වචනයට යම් ප්‍රමාණයකින් සමීපත්වයක් සහිතව ප්‍රගතිය වර්ධනය, දියුණුව යනාදී වචන වලින් කියැවෙන අදහස් පිළිබඳව දිගු කලක් තිස්සේ විද්වත් ශික්ෂාවන් තුළ කතිකාවට ලක් වී ඇතත්,ද්‍රව්‍යාත්මක දියුණුවක් අපේක්ෂා මෙන් සිතා අපේක්ෂාවෙන් සිතාමතා සැළසුම් කරන්නා වූ ක්‍රියාවලියක් වශයෙන් සහ විද්වත් ශික්ෂාවන් වලදී විශේෂයෙන්ම සමාජීය විද්‍යා ක්ෂේත්‍රය තුළ විවාද සම්පන්න නන්‍යායාත්මක කතිකාවතක් වශයෙන් සංවර්ධනය යන්න විශේෂ ආකාරයෙන් අවධානයට ලක් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ය.දෙවන ලෝක යුද්දෙ අනතුරුව යුද්ධයෙන් පොඩිපට්ටම් වූ යුරෝපය නැවත ගොඩ නැඟීම බටහිර බලවතුන් මුහුණ දුන් බරපතලම අභියෝගය විය.මේ ක්‍රියාවලියට උර දියහැකි සහ එම ක්‍රියාවලිය කළමනාකරණය කිරීමේ ආයතනයක අවශතාව හඳුනා ගැනීමේ ප්‍රතිඵලය වූයේ "නැවත ගොඩ නැගීම සහ සංවර්ධනය සඳහා වූ "ජාත්‍යන්තර බැංකුව" හෙවත් පසුව ලෝක බැංකුව ආරම්භ වීමයි .මේ හා සමගාමීව දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව සිදු වූ ඊළඟ වැදගත්ම දෙය වූයේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ආසියා, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු ලෝකෙ බහුජන දුගීභාවය සොයා ගැනීමයි .වෙළෙඳපොළ අර්ථ ක්‍රමය යටතේ සංවර්ධනය යන්න පරමාදර්ශී ආර්ථික විද්‍යාත්මක මිනුම් දණ්ඩක් ලෙස ඒක පුද්ගල ආදායම යන්නට අදාළව නිර්වචනය කරන ලැබූ විට,සමෘද්ධිමත් රටවලට සාපේක්ෂව මුල්‍යම වශයෙන් සහ ජීවන මට්ටම අනුව ලෝක ජනගහනයෙන් සියයට හැත්තෑවක් පමණ දුකින් බවට පත්විය (Escobar,1999:382) ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකකට සමාන වූ මේ දුගී ජීවත් වූ ආසියානු, අප්‍රිකානු,ලතින් ඇමරිකානු ලෝකයේ රටවලින් අති විශාල බහුතරයක් පහත සඳහන් ආකාරයට අංශ ලක්ෂණ වලින් යුක්ත වුයේය.

ආසියා අප්‍රිකා සහ ලතින් ඇමරිකානු ලෝකෙ බහුජන දුගීභාවය පිළිබඳ දුගී භාවය පිළිභාවය පිළිබඳව මේ තාර්කික සොයා ගැනීම ලෝක සංස්කෘතික සහ දේශපාලන ආර්ථිකය වැදගත් ප්‍රතිව්‍යුහගත කිරීමේ එකට මඟ හෙළි කළේය .යුද්ධය පිළිබඳ කතිකාවත නව විෂය පථයකට නව භූගෝලීය දිශානතියක් දෙසට යොමු වූ අතර තුන්වන ලෝකයේ දුගී භාවයට එරෙහිව සටන් කිරීම යන වැදගත් සටන් පාඨයක් ලෙස ඉස්මතු වූයේ ය.මේ සටන සාධාරණීකරණය කිරීමට ජාත්‍යන්තර දේශපාලන ලෝකය තුළ ලෝරේ තුළ ලෝක බලවතුන් කළ ව්‍යාප්ත කරුනු ගෙන හැර දැක්වීම සිත්ගන්නා සුවය දෙවන ලෝක යුද්ධයෙන් පසු ක්‍රි‍තාන්‍ය පාර්ලිස්තුව නියෝජනය කළ සහ 1960 දශකයේ දී බ්‍රිතාන්‍යයේ අගමැති වරයෙක් වූ හැරල්ඩ් විල්සන් එක්දාස් නවසිය පනහ දශකයේ මුල් භාගයේදී භාගයේ දී ලෝක දුගීභාවය පිළිබඳ සටන (The war on world poverty :An appeal to the conconscience of mankind, 1953)  යන තේමාව යටතේ ලියූ කෘතියේදී බිලියන 1.5 ක ටත් වැඩියෙන් හෙවත් ලෝක ජනගහනයෙන් තුනයි දෙකක් පමණ ජනගහනයක් උග සාගතයෙන් පෙළීම නිසා පෝෂණාමය රෝග වලට ගොදුරු වන බව සඳහන් කළ අතර මේ සාගතය ඔවුන්ගේ දුගීභාවයට, අපවිත්‍රත්වයට සහ අසරණ භාවයට හේතු වන බව ද පෙන්වා දුන්නේ ය.හැරල්ඩ් විල්සන් පමණක් නොව දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූ හැරී මෙන් 1949 දී ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කළ ඇමෙරිකාරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 4 වැනි කරුනු සෘජුවම ප්‍රෝසයේ දුහී භාවයෙන් පෙළෙන ප්‍රදේශ සහ වීම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම, ඔවුන් සමාජ ආර්ථික වශයෙ නගා සිටුවීම අරමුණු කරගත් ව්‍යත ප්‍රකාශයක් විය.ලෝක ජනගහනයෙන් හර් අඩක් අන්ත අසරණ තත්ත්වයක් යටතේ ජීවත් වේ.ඔවුන්ට ප්‍රමාණවෙත් තරම් ආහාර නොමැත .ඔවුන් ලෙඩ රෝගවල ගොදුරු ය. ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතා පහළ මට්ටමක පවතී.ඔවුන්ගේ දුගී බව ඔවුන බව ඔවුන්ට මෙන්ම සමෘද්ධිමත් රටවලටද තර්ජනයකි. (උපුටා ගැනීම Rist,2002,71).හැරල්ඩ් විල්සන්,හැරී ට්‍රෑමන් වැනි ජාත්‍යන්තර වශයෙන් බලවත් රාජ්‍ය නායකයන්ගේ මහතා සඳහන් ආකාරයේ ප්‍රකාශයක් ප්‍රකාශයන් 1940 දශකයේ ආග අගභාගයේ සිට නිරන්තරයෙ ඉදිරිපත් වුයේ සංවර්ධනය පිළිබඳ වූ යුගයක සමස්ථ ලෝකයම සම්බන්ධ කරමිනි .ආසියා, අප්‍රිකා,ලුතින් ඇමරිකානු කලාපයේ අතිශය බහුතරයක් රටවල නිරපේක්ෂ දුගීභාවයේ ස්වභාවය සහ සමාජ අසහනයන්, ඒ අනුව එකී රටවල් විසින් සමෘද්ධිමත් ප්‍රදේශ වලට කළ හැකි අවදනම් සහගත තත්ත්වය පිළිබඳව මේ කාලයේ දී පුළුල්ව අවධානයට ලක්විය .දුගී රටවල් නිසා සමෘද්ධිමත් කලාපයන් වල අස්ථාවරත්වයක් ඇතිවීමට පෙර දුගී රටවල දුගී බාවය සදහා යමක් කළ යුතුය යන අවබෝධය පුළුල් වශයෙන් සමාජගත වීම 1940 දශකයේ අග භාගයේ පසුව සිදුවූ වැදගත්ම දෙයකි. කෙසේ වෙතත් බටහිර බලවතුන්ගේ මේ සුවිශේෂී සොයා ගැනීම දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක මානව සමාජය තුළ හඳුනාගත හැකි වූ දේශපාලන-ආර්ථික විභේදනය ආශිතව ලෝකයේ රටවල් සමුහ කරණය වීම හා සම්බන්ධ වුවක් බව අමතක නොකළ යුතුය.දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව එක්සත් ජනපදය සහ සෝවියට් සංගd කෝකොටගෙන ලෝකයේ බලවත් දේශපාලන කඳවුරු දෙකක් බිහිවීමත්, ඒ අනුව සෝවියට් සංගමය දේශපාලන ව්‍යාප්තිය වැළැක්වීම 1940 දශකය අග අගභාගයේ දී ලෝක දුගීභාවයට එරෙහි සටන ආරම්භ කිරීමේ බටහිර බලවතුන් ගේ අභිප්රේරණය වුවත්,මෙහි තාර්කික වැදගත්කම් නම් ලෝක ජනගහනයෙන් අති බහුතරයක් වෙසෙන ආසියා, අප්‍රිකා සහ ලතින් ඇමරිකානු ලෝකයේ ඉරණම සමෘද්ධිමත් ලෝකයට ද බලපාන්නේය.ලෝකෙ වක් පෙදෙසක් දුගීභාවය, අයහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව,ලෙඩ රෝග,මන්දපෝෂණය සහ සාගින්නෙන් පෙලෙස් දී අනෙකුත් ප්‍රදේශ වලට යහතින් පැවතිය නොහැකි යන්න බලවත් ලෝකෙ විසින් ද පිළිගනු ලැබීමයි.

ස්තූතියි.

මදුහංසි අත්තනායක 

Sunday, March 3, 2024

සංකේතීය අන්තර් ක්‍රියාවාදය (1 කොටස)

 

සංකේතීය අන්තර් ක්‍රියාවාදය (1 කොටස) - SYMBOLIC INTERACTIONISM



සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය යනු 20 වැනි සියවසේ මුල් භාගයේදී එක්සත් ජනපදයේ මතු වූ සමාජ විද්‍යාත්මක ඉදිරිදර්ශනයකි. එය ක්ෂුද්‍ර මට්ටමේ අන්තර්ක්‍රියා සහ පුද්ගලයන් තම අත්දැකීම් වලට ආරෝපණය කරන සංකේතාත්මක අර්ථයන් කෙරෙහි අවධානය යොමු කරයි.

උදාහරණ

අරගලය අවස්ථාවේදී තම විරෝධය විවිධ වූ සංකේතයන් මූලික කර ගනිමින් පෙන්වන ලදි.

 

සංකේත සහ අර්ථයන්: සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය සංකේත (වචන, අභින, වස්තූන්) භාවිතය සහ සමාජ අන්තර්ක්‍රියා ක්‍රියාවලියේදී පුද්ගලයන් ඒවාට අර්ථයන් ආරෝපණය කරන ආකාරය අවධාරණය කරයි. සමාජ අන්තර්ක්‍රියා සහ අන්‍යයන්ගේ සංජානන හරහා පුද්ගලයන් තම ස්වයං සංකල්පය සහ අනන්‍යතාවය ගොඩනගා ගන්නා ආකාරය න්‍යාය මඟින්  ගවේෂණය කරයි.

බොහෝ විට සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදයේ පියා ලෙස සැලකෙන ජෝර්ජ් හර්බට් මීඩ්ගේ කෘතිය මිනිස් හැසිරීම් හැඩගැස්වීමේදී සංකේත සහ භාෂාවේ කාර්යභාරය අවබෝධ කර ගැනීමට පදනම දැමීය.

Charles Horton Cooley ගේ "පෙනෙන වීදුරු" "looking glass self"   ස්වයංසංකල්පය සමාජ අන්තර්ක්‍රියා හරහා පුද්ගලයන් තම ස්වයං සංකල්පය ගොඩනගා ගන්නා ආකාරය අවධාරණය කරමින් සංකේතාත්මක අන්තර්ක්‍රියාකාරීත්වයට දායක විය. "පෙනෙන වීදුරු ස්වයං" න්‍යාය යෝජනා කරන්නේ පුද්ගලයන් අන් අය ඔවුන්ව දකින ආකාරය පරිකල්පනය කිරීමෙන් ඔවුන්ගේ ස්වයං සංකල්පය වර්ධනය කරන බවයි. සමාජ අන්තර්ක්‍රියා කෙනෙකුගේ ස්වයං ප්‍රතිරූපය පිළිබිඹු කරන කැඩපතක් ලෙස සේවය කරන බවයි .

හර්බට් බ්ලූමර්ගේ සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය සමාජ ජීවිතය හැඩගැස්වීමේදී සංකේතවල කාර්යභාරය සහ මුහුණට මුහුණ අන්තර්ක්‍රියා කෙරෙහි අවධානය යොමු කළේය. මෙය  ක්ෂුද්‍ර මට්ටමේ ඉදිරිදර්ශනය සමාජ ක්‍රියාවලීන්හි පුද්ගල නියෝජනයේ  වැදගත්කම අවධාරණය කළේය.

සංකේත, අරුත් සහ ක්ෂුද්‍ර මට්ටමේ අන්තර්ක්‍රියා මත අවධාරණය කරමින් සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය, සමාජ විද්‍යා ක්ෂේත්‍රයට කල්පවතින බලපෑමක් ඇති කර ඇත. එය යථාර්ථයේ සමාජ ගොඩනැගීම සහ මානව සන්නිවේදනයේ සහ අනන්‍යතා ගොඩනැගීමේ සංකීර්ණතා පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි.

සංකේතීය අන්තර් ක්‍රියාවාදී න්‍යාය ගොඩනැඟෙන්නේ ඇමරිකානු සමාජ විද්‍යාඥයින් පිරිසකගේ එකතුවකිනි. මෙම න්‍යාය විසින් අපට යෝජනා කරන්නේ අපගේ අත්දැකීම් සංවිධානය කර ගැනීමටය. සමාජය තුළ පුද්ගලයා යනු කවුද? පුද්ගලයාගේ හැසිරීම කුමනාකාර ද? පුද්ගලයාගේ චින්තනය ගොඩ නැඟෙන්නේ කෙසේද? පුද්ගලයන් එකිනෙකා අතර අන්තර් ක්‍රියාවන් නිර්මාණය වීම තුළ සමාජයක් නිර්මාණය වී ඇත්තේ කෙසේද? යන්න හඳුනා ගැනීම සඳහා වූ දාර්ශනිකයින් කිහිප දෙනෙකුගේ අදහස් වල එකතුවක් ලෙස සංකේතීය අන්තර් ක්‍රියාවාදය හඳුන්වා දිය හැකිය. න්‍යයකින් අත්දැකීම් පිළිබඳ සංවිධානාත්මක අදහසක් ඉදිරිපත් කරයි. එසේ ම න්‍යායක් තුළ ප්‍රස්තෘත ගණනාවක් සමඟ ගණුදෙනු කිරීමේ අවස්ථාවක් ඇත. සංකේතීය අන්තර් ක්‍රියාවාදය තුළ ද එවැනි ප්‍රස්තෘත අඩංගු වේ. න්‍යය හදාරන්නෙකුට ලෝකය තේරුම් ගැනීම සඳහා මේ තුළින් බලයක් හිමි වේ.

කේතීය අන්තර් ක්‍රියාවාදය සඳහා දායක වූ චින්තකයින් ගණනාවක් සිටී. මේ අතරින්;

1ජෝන් ඩේවි  (John Dewey)

2ජෝර්ජ් හර්බට් මීඩ්  (George Herbert Mead)

3. චාර්ල්ස් හෝර්ටන් කූලී (Charles Horton Cooley)

4. විලියම් තෝමස්  (William I. Thomas)

5හර්බර්ට් බ්ලූමර්  (Herbert Blumer)

6. අර්වින් ගොෆ්මන් (Ervin Goffman) ප්‍රධාන වේ.

 

ආශ්‍රිත ග්‍රන්ථ

·        Sociological Theory, George Ritzer

·        Sociology Themes and Perspectives, Haralambos and Holborn

·        Sociological Theory, Anthony Giddens 

       (දෙවන කොටස ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)

        ස්තූතියි .

       මදුහංසි අත්තනායක





සමාජ විද්‍යා න්‍යායේ සම්භාව්‍ය කාලය

 

  සමාජ විද්‍යා න්‍යායේ සම්භාව්‍ය කාලය



සමාජ විද්‍යා න්‍යායේ සම්භාව්‍ය කාල පරිච්ඡේදය 19 වැනි සහ 20 වැනි සියවසේ මුල් භාගය ආවරණය කරයි. මෙම කාල පරිච්ෙඡ්දය තුළ ප්‍රධාන න්‍යායවාදීන්ට කලින් සඳහන් කළ (කොම්ටේ, ඩර්කයිම්, මාක්ස් සහ වෙබර්) මෙන්ම ඊට අමතරව අනෙකුත් න්‍යායවාදීන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. එහිදි .

 

1.   හර්බට් ස්පෙන්සර් (1820-1903)

2.   ජෝර්ජ් සිමෙල් (1858-1918)

වැදගත් වෙයි.

 

හර්බට් ස්පෙන්සර්

(1820-1903)

හර්බට් ස්පෙන්සර් 1820 අප්‍රේල් 27 වන දින එංගලන්තයේ ඩර්බි හි උපත ලැබීය. ඔහු අනුකූල නොවන, බුද්ධිමය පවුලකින් පැමිණි අතර ස්වභාවික විද්‍යාව, දර්ශනය සහ සමාජ විද්‍යාව වැනි විෂයයන් ඇතුළු විවිධ අධ්‍යාපනයක් ලබා ඇත. ස්පෙන්සර් ද ඉකොනොමිස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු සහ උප කර්තෘවරයෙකු ලෙස සේවය කළ අතර එහිදී ඔහු විවිධ බුද්ධිමය ප්‍රවාහයන්ට නිරාවරණය විය. පසුව ඔහු සම්පූර්ණයෙන්ම ලිවීමට සහ දාර්ශනික විමර්ශනයට කැප විය.

ස්පෙන්සර් සමාජ පරිණාමය පිළිබඳ න්‍යාය වර්ධනය කළ අතර, සමාජ සංවර්ධනය සහ ජීව විද්‍යාත්මක පරිණාමය අතර සමාන්තරයන් පිළිබඳව තොරතුරු ඉදිරිපත්කරන  ලදී.  සමාජ පරිණාමය පිළිබඳ න්‍යාය වර්ධනය කළ අතර සමාජ සංවර්ධනය ජීව විද්‍යාත්මක පරිණාමයට සම්බන්ධ කරමින් "සුදුසු අයගේ පැවැත්ම" යන යෙදුම නිර්මාණය කළේය. ස්පෙන්සර් බොහෝ විට "සමාජ ඩාවින්වාදය" යන යෙදුම සමඟ සම්බන්ධ වී ඇති අතර, එය චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වරණය පිළිබඳ මූලධර්ම මානව සමාජවලට අදාළ කළ සංකල්පයකි. ඔහු තර්ක කළේ සමාජයන් ජීවී විශේෂවලට සමාන ලෙස පරිණාමය වන බවත්, ඔවුන්ගේ පරිසරයට වඩාත් හොඳින් අනුගත වන ඒවා නොනැසී පවතින බවත් ප්‍රගතියක්  ඇති බවත්ය.

ස්පෙන්සර් විසින් ඓන්ද්‍රීය සාදෘශ්‍යය භාවිතා කළේ සමාජය සමස්තයේ යහපත සඳහා සමාජ කොටස් එකට වැඩ කරන අතර ශරීරයේ විවිධ කොටස් සහිත ජීවියෙකු ගේ ක්‍රියාකාරිත්වය හා සමාන බවයි.මෙහිදී ඔහු සමාජ ආයතන ඉන්ද්‍රියයන්ට සංසන්දනය කළේය, ඒ සෑම එකක්ම සමාජ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා නිශ්චිත කාර්යභාරයක් ඉටු කරන බව පෙන්වා දෙන ලදි.

ස්පෙන්සර් පුද්ගල නිදහස වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකි. රාජ්‍යයේ අධික ඇඟිලි ගැසීම්වලින් තොරව පුද්ගලයන්ට තම අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ සලසමින් සමාජයන් පුද්ගලික නිදහස දිරිමත් කළ යුතු බව ඔහු විශ්වාස කළේය. පුද්ගල නිදහසට බාධා කරන රාජ්‍ය මැදිහත්වීම ඔහු විවේචනය කළේය. ස්පෙන්සර්ගේ අදහස් බ්‍රිතාන්‍යයේ පමණක් නොව එක්සත් ජනපදයේ සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ද පුළුල් ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. ඔහු බුද්ධිමතුන් හා විද්වතුන් සමඟ ලිපි හුවමාරු කර ගත් අතර ඔහුගේ කෘති බහු භාෂාවලට පරිවර්තනය විය. මතභේද සහ විවේචන තිබියදීත්, හර්බට් ස්පෙන්සර්ගේ උරුමය සම්භාව්‍ය යුගයේ සමාජ විද්‍යාත්මක චින්තනයේ වර්ධනයේ ප්‍රධාන චරිතයක් ලෙස පවතී. ඔහුගේ කාර්යය පසුකාලීන සමාජ විද්‍යාඥයින්ට සමාජයේ සංකීර්ණතා ගවේෂණය කිරීමට මග පෑදීය.

 

ජෝර්ජ් සිමෙල්

(1858-1918)

1858 මාර්තු 1 වන දින බර්ලිනයේ උපත ලැබූ ජෝර්ජ් සිමෙල් සමාජ විද්‍යා න්‍යායේ සම්භාව්‍ය කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන චරිතයක් ලෙස ඉස්මතු විය. සිමෙල්ගේ අධ්‍යයන ගමනට දර්ශනය සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයන් ඇතුළත්  කර ගත් අතර පසුව ඔහු බර්ලින් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු බවට පත්විය

එදිනෙදා ජීවිතයේ සංකීර්ණ ගතිකතාවයන් කෙරෙහි අවධානය යොමු කරමින් සමාජ අන්තර්ක්‍රියා පිළිබඳ ක්ෂුද්‍ර මට්ටමේ විශ්ලේෂණය සඳහා සිමෙල් ප්‍රසිද්ධය. ඔහුගේ "සමාජ ආකෘති" ගවේශනය කුඩා කණ්ඩායම් සහ සමාජ සම්බන්ධතා තුළ අන්තර්ක්‍රියා වලින් මතුවන රටා සහ ව්‍යුහයන් පිලිබඳව සොයා බැලීය. මුදල් සමාජ අන්තර්ක්‍රියාවලට මැදිහත් වන ආකාරය සහ සමාජ භූමිකාවන් වෙනස් කිරීමට දායක වන ආකාරය ඔහු විශ්ලේෂණය කළේය. "මුදල් දර්ශනය", නැමති ඔහුගේ කෘතියේ ආර්ථික ගනුදෙනුවල සමාජ විද්‍යාත්මක මානයන් සහ සමාජ සම්බන්ධතා කෙරෙහි මුදල්වල බලපෑම ගවේෂණය කළේය.

සිමෙල් විසින් සමාජ ගතිකත්වය මත කණ්ඩායම් ප්‍රමාණයේ බලපෑම පරීක්ෂා කරන ලද අතර, කුඩා කණ්ඩායම් වඩාත් සමීප අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සපයන බව පෙන්වා දෙන  අතර විශාල කණ්ඩායම් විධිමත්භාවය සහ පුද්ගලත්වය පිළිබඳ හැඟීම පෝෂණය කිරීමට නැඹුරු වන බව පෙන්වීය.

 

තවද. "විධිමත් සමාජ විද්‍යාව" යන සංකල්පය හඳුන්වා දෙමින් සිමෙල්, නිශ්චිත අන්තර්ගතයට වඩා සමාජ අන්තර්ක්‍රියාවල ආකෘති සහ ව්‍යුහයන් කෙරෙහි අවධානය යොමු කරන ක්‍රමයක් අවශ්‍ය බව අවධාරණය කළේය. ඔහුගේ ක්‍රමවේදය පසුකාලීන සමාජ විද්‍යාඥයින්ට සමාජය පිළිබඳ අධ්‍යයනයට වඩා වියුක්ත හා න්‍යායික ප්‍රවේශයක් අනුගමනය කිරීමට බලපෑවේය.

සිමෙල් බර්ලිනයේ බලගතු බුද්ධිමය කණ්ඩායමේ කෙනෙකු  වූ අතර, මැක්ස් වෙබර් සහ ෆර්ඩිනන්ඩ් ටෝනීස් ඇතුළු ඔහුගේ කාලයේ සිටි අනෙකුත් ප්‍රමුඛ චින්තකයින් සමඟ සම්බන්ධතා පැවැත්වීය. සමාජ අන්තර්ක්‍රියාවල ආත්මීය අර්ථයන් සහ සමාජ ජීවිතයේ සංකීර්ණත්වය පිළිබඳ ඔහුගේ අවධාරණය පසුකාලීන සමාජ විද්‍යාත්මක වර්ධනයන් සමඟ ප්‍රසිද්ධ  විය. සමකාලීන සමාජ විද්‍යාඥයින් සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදයට සිමෙල්ගේ දායකත්වය සහ සමාජ සම්බන්ධතාවල සංකීර්ණතා පිළිබඳ ඔහුගේ අද්විතීය ඉදිරිදර්ශනය අගය කරති.

සිමෙල්ගේ අදහස් සමකාලීන සමාජ විද්‍යාවේ, විශේෂයෙන් නාගරික සමාජ විද්‍යාව, සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදය සහ සංස්කෘතිය හා  සමාජ විද්‍යාව වැනි ක්ෂේත්‍රවල අඛණ්ඩව යෙදී පුළුල් වේ.

අවසාන වශයෙන්, සමාජ විද්‍යා න්‍යායේ සම්භාව්‍ය කාලපරිච්ඡේදය තුළ ජෝර්ජ් සිමෙල්ගේ දායකත්වය සමාජ විද්‍යාත්මක චින්තනයේ ගමන් පථයට සැලකිය යුතු ලෙස බලපෑවේය. ක්ෂුද්‍ර මට්ටමේ විශ්ලේෂණ, සමාජ ආකෘති සහ සමාජ අන්තර්ක්‍රියා වල සංකීර්ණතා කෙරෙහි ඔහුගේ අවධාරනය සංකේතාත්මක අන්තර්ක්‍රියාවාදයේ සහ විධිමත් සමාජ විද්‍යාවේ පසුකාලීන වර්ධනයන් සඳහා අඩිතාලම දැමීය.

ස්තූතියි.

ඔබට ජය..

මදුහංසි අත්තනායන 

සමාජ ගතිකත්වය

  සමාජ ගතිකත්වය සමාජ ගතිකත්වය යනු කාලය හරහා සිදුවන වෙනස්වීම් ක්‍රියාවලීන්හි ප්‍රජාවන් සහ සමාජ ආයතන පිළිබඳ ආනුභවික අධ්‍යයනය කෙරෙහි අවධානය ය...