Tuesday, February 27, 2024

සමාජවිද්‍යා න්‍යාය හදුනාගැනීම

 

න්‍යාය යනු කුමක්ද?



විද්‍යාත්මක සන්දර්භය තුළ, න්‍යායක් යනු ආනුභවික සාක්ෂි මත පදනම් වූ, බොහෝ විට විද්‍යාත්මක ක්‍රමය හරහා වර්ධනය වූ ස්වභාවික ලෝකයේ යම් පැතිකඩක් පිළිබඳ මනාව සනාථ කරන පැහැදිලි කිරීමකි. විද්‍යාත්මක න්‍යායන්ට විශාල සාක්ෂි සමූහයක් සහාය වන අතර විශාල පරීක්ෂණ සහ පරීක්ෂාවට මුහුණ දී ඇත. විද්‍යාවේ ක්ෂේත්‍රය තුළ, න්‍යායක් යනු ස්වාභාවික ලෝකයේ නිශ්චිත පැතිකඩක් පැහැදිලි කිරීමට උත්සාහ කරන පුළුල් හා මනාව සනාථ කරන ලද පැහැදිලි කිරීමකි. ආනුභවික සාක්ෂි මත රඳා පැවතීම සහ ක්‍රමානුකූල නිරීක්‍ෂණය මගින් විද්‍යාත්මක න්‍යායන් වෙන්කර හඳුනාගත හැකිය. න්‍යායක් යනු අවබෝධයේ උච්චතම අවස්ථාව වන අතර එය ස්වාභාවික ලෝකයේ නිශ්චිත අංගයක් සඳහා පුළුල් හා හොඳින් සනාථ කරන ලද පැහැදිලි කිරීමක් ඒ මඟින් සිදුකරයි.

වඩාත් සාමාන්‍ය අර්ථයෙන් ගත් කල, න්‍යායකට විශේෂිත සංසිද්ධියක් හෝ සංසිද්ධි සමූහයක් පැහැදිලි කරන අදහස් හෝ මූලධර්ම පද්ධතියක් වෙත යොමු විය හැකිය. එය අනිවාර්යයෙන්ම දැඩි විද්‍යාත්මක සාක්ෂි මගින් එක්  නොවිය හැකි නමුත් නිරීක්ෂණ හෝ අත්දැකීම් අවබෝධ කර ගැනීම සහ අර්ථ නිරූපණය කිරීම සඳහා රාමුවක් සැපයිය හැකිය.

ලෝකය පිළිබඳ අපගේ අවබෝධය නැවත සකස් කර ඇති විද්‍යාත්මක න්‍යායන්හි උදාහරණ බහුලව තිබේ.

නිදසුනක් :-

චාල්ස් ඩාවින්ගේ පරිණාමය පිළිබඳ න්‍යාය ජීව විද්‍යාවේ විප්ලවීය වෙනසක් සිදු කර ඇත්තේ ජීවිතය විවිධාංගීකරණය කිරීම පිටුපස ඇති යාන්ත්‍රණයන් පැහැදිලි කිරීමෙනි.

·        ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යායන් අවකාශය, කාලය සහ ගුරුත්වාකර්ෂණය පිළිබඳ අපගේ අවබෝධය පරිවර්තනය කර ඇත.

·        ලුවී පාස්චර් සහ රොබට් කොච් වැනි සංඛ්‍යාලේඛන මගින් පුරෝගාමී වූ රෝග පිළිබඳ විෂබීජ න්‍යාය වෛද්‍ය විද්‍යාව හා මහජන සෞඛ්‍යය සඳහා ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ.

සෑම අවස්ථාවකම, මෙම න්‍යායන් පවත්නා දැනුම ආවරණය කරනවා පමණක් නොව, වැඩිදුර ගවේෂණය හා සොයා ගැනීම සඳහා දියත් කිරීමේ අඩිතාලමක්ද  ලෙසද ක්‍රියාත්මක  වේ.

  සමාජ විද්‍යාත්මක න්‍යාය යනු

මෙම ප්‍රධාන ප්‍රශ්න පත්‍රය සමාජ විද්‍යාත්මක න්‍යාය ලෙස විග්‍රහ වන අතර මෙහි මූලික අපේක්ෂාව වන්නේ විෂය සතු දැනුම විධිමත් දැනුම විද්‍යාත්මක ලෙස අවබෝධ කරගැනීමයි. කෙසේ වෙතත් පළමු වන පාඩම් ඒකකය සමාජ විද්‍යා න්‍යාය හඳුනා ගැනීම සඳහා වෙන්  කෙරේ. ඒ අනුව එය උපමාතෘකා කිහිපයක් යටතේ සාකච්ඡාවට ලක් කෙරේ.

 

·        සමාජ විද්‍යා න්‍යාය අර්ථකථනය කරගැනීම

·        න්‍යායෙහි බෙදීම් හඳුනාගැනීම

·        න්‍යායෙහි කාර්යභාරය හඳුනාගැනීම.

·        විද්‍යාත්මක චින්තනයේ මූලාරම්භය හඳුනාගැනීම.

·        සමාජ විද්‍යාත්මක චින්තනය හඳුනාගැනීම.

මෙහිදී සිදුවේ.

 

 සමාජ විද්‍යා න්‍යාය අර්ථකථනය කරගැනීම මූලික ලක්ෂණ හදුනා ගැනීම.

න්‍යාය යන සංකල්පය හඳුනාගැනීමේ දී දැනුම යන සංකල්පය වැදගත් වේ.දැනුම පිළිබඳ අවධානය යොමු කරන විට විවිධ විෂය පද්ධතිවල දැනුම ඒකරාශී වී ඇති බව පෙනෙයි.කලාව/ ආගම/ සම්ප්‍රදාය/ අත්දැකීම් ආදිය තුළද දැනුම ඇත.නමුත් එම කිසිම දැනුමක් විධිමත් දැනුමක් හෙවත් න්‍යායාත්මක දැනුමක් ලෙස සලකන්නේ නැත.විද්‍යාව සතු දැනුම පමණක් න්‍යායාත්මක හෙවත් විධිමත් දැනුම ලෙස සලකයි.එයට හේතුව එම දැනුම විද්‍යාත්මක ක්‍රමය යටතේ පර්යේෂණාත්මක ලෙස සම්පාදනය කරගත් නිසාය.

න්‍යාය පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන විට සාමාන්‍යයෙන් පෙනී යන්නේ ස්වභාවික විද්‍යාවන්ද ජීව විද්‍යාවන්ද සමාජීය විද්‍යාවන්ද යම් යම් ප්‍රස්තුත දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යයනය කොට සම්පාදනය කරගන්නා ලද දැනුම පදනම් කරගනිමින් න්‍යායන් ගොඩනැගෙන බවයි.

 

 

"න්‍යායක් යනු යමක් පැහැදිලි කර ගැනීම පිණිස ගොඩනගා ගනු ලබන අදහස් සමූහයක එකතුවකි"

-සමාජ විද්‍යා සංගමය-

 

"න්‍යාය යනු මානව සමාජය විග්‍රහ කර ගැනීමට උපකාරී වන්නා වූ අදහස් සමූහයක එකතුවකි"

-සමාජ විද්‍යා න්‍යාය- කේ කරුණාතිලක-

මෙම අදහස් තුළින්ද තහවුරු වූයේ න්‍යාය අදහස් සමූහයක එකතුවකින් නිර්මාණය වී ඇති බවයි.අප දන්නා පරිදි එම අදහස් ගොඩනගාගෙන ඇත්තේ විද්‍යාත්මක ක්‍රමය යටතේ පර්යේෂණ කිරීමෙනි.එමෙන්ම එම අදහස් වලින්වලින් යමක් පැහැදිලි කර ගැනීමට හැකිවීමද විශේෂ ලක්ෂණයකි.ඒ අනුව සමාජ විද්‍යාව මානවවිද්‍යාව පිළිබඳව අදහස් දක්වන අතර ඒ සඳහා පුද්ගලාන්තර ක්‍රියා සමූහ අන්තර් ක්‍රියා සංස්ථා අන්තර් ක්‍රියා පිළිබඳව පර්යේෂණ සිදුකරයි.

" සමාජ විද්‍යාත්මක න්‍යාය යනු සමාජ ප්‍රපංච දෙකක් හෝ කිහිපයක් අතර පවතින සම්බන්ධතාවය, විද්‍යාත්මකව ඔප්පු කොට දක්වන ඒකාබද්ධ කොට ඇති විද්‍යාත්මක අදහස් සමූහයක එකතුවකි."

-සමාජ විද්‍යා විශ්ව කෝෂය-

මෙම නිර්වචන තුළ කැපී පෙනෙන මූලික ප්‍රස්තුත කිහිපයකි.ඒ අනුව සමාජ විද්‍යාඥයන්,

 

Ø සමාජ ප්‍රපංච අධ්‍යනය කරනු ලබයි.

මෙයින් අදහස් වන්නේ මියායන් ගොඩනැගීමේ දී වෙනස්වන සංකල්ප හෙවත් ප්‍රපංචමය සංකල්ප ගවේෂණයට ලක් කරන බවයි.

 

Ø තෝරාගන්නා ලද ප්‍රපංචවල හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව ගවේෂණය කරයි.

එනම් තෝරා ගත් ප්‍රපංචය ආශ්‍රිත ස්වායක්ත විචල්‍යයන් සහ පරායක්ද විචල්‍යයන් හඳුනා ගැනීම සිදුකරනු ලබයි.එලෙස විචල්‍යය හඳුනා ගැනීමෙන් පසු ඒවා අතර පවතින හේතුඵල සම්බන්ධතාවය විද්‍යාත්මක ලෙස ඔප්පු කර දක්වයි.

 

·        න්‍යාය සතු දැනුම ඒකාබද්ධ කොට ඇති දැනුමකි.

දැනුම සතු සංකල්ප සියල්ල ඒකාබද්ධ කිරීම සඳහා පර්යේෂකයන් විසින් විවිධ තර්ක ක්‍රම භාවිතයට ගනී.

·        මෙලෙස ඒකාබද්ධ කොට ඇති දැනුම අදහස් සමූහයක එකතුවක් ලෙස දැක්වීමට පුළුවන.

මෙහිදී අදහස් යනු සාමාන්‍යයෙන් සිතන දේ නොව විද්‍යාත්මක පර්යේෂණ තුළින් මනාව සොයා ගන්නා ලද මැනවින් නිර්වචනය කරන ලද විචල්‍යය සබඳතා තර්කානුකූලව ඔප්පු කරන ලද අදහස් සමූහයයි.

 

"සමාජ විද්‍යාත්මක න්‍යාය යනු සමාජය ලෝකය විග්‍රහ කර බැලීමට ක්‍රම විද්‍යාත්මකව ඒකාබද්ධ කොට ඇති අදහස් වලින් යුතු මතවාදයකි.එය පවතින සමාජය විග්‍රහ කරනවාට වඩා අනාගත සමාජ ක්‍රමය පිළිබඳව විද්‍යාත්මක අනාවැකි ඉදිරිපත් කළ හැකි දැනුම් සම්භාරයකි."

මෙම නිර්වචනය තුළද පෙර කියූ නිර්වචන මෙන් සමාජ විද්‍යාඥාය ගති ලක්ෂණ කිහිපයක් ඔස්සේ අනාවරණය කරනු ලබයි.

·        එය සමාජ ලෝකය හෙවත් සමාජමය ප්‍රපංච අධ්‍යයනය කරන බව

·        ඒ සඳහා විද්‍යාත්මක ක්‍රම භාවිත කරන බව

·        න්‍යාය සතු දැනුම ඒකාබද්ධ භාවයෙන් යුතු මතවාදී දැනුමක් බව

·        එම දැනුම පවතින ලෝකය විග්‍රහ කරනවාට වඩා අනාගත සමාජය විග්‍රහ කරන බව

මෙතෙක් සාකච්ඡා කළ නිර්වචන සහ සසඳා බලන විට මෙම නිර්වචනය නිර්වචනයේ සතු විශේෂ ලක්ෂණ කිහිපයක් පවතී.ඉන් එකක් වන්නේ න්‍යාය තුළ මතවාදී අදහස් ඇති බවයි. එනම් තවත් න්‍යායකට එරෙහිව නැගී සිටීමේ හැකියාව න්‍යාය සතු වන බවයි.

උදාහරණ:-

කෘත්‍යවාදී න්‍යාය තුළ කාර්යභාරය පිළිබඳව සලකා බලා න්‍යෂ්ටික පවුල වැදගත් බව පෙන්වයි.නමුත් මාක්ස්වාදී න්‍යාය පුරුෂ මූලික බව පෙන්වා දෙමින්, නියශ් ටික පවුල වෙනස් විය යුතු සමාජ ආයතනයක් බව දක්වයි.

මේ අනුව න්‍යාය සතු ලක්ෂණ පැහැදිලි වේ.

·        මෙයින් අනාවරණය වන්නේ න්‍යායකට තවත් න්‍යායකට එරෙහි වීමේ හැකියාවක් හෙවත් මතවාදයක් ලෙස නැගී සිටීමට හැකියාව පවතින බවයි.

·        න්‍යායකට අනාගත සමාජය පිළිබඳව අදහස් දැක්වීමේ හැකියාව හෙවත් අනාවැකි පළ කිරීමේ හැකියාව පවතින බවයි.

 

"ආනුභවික අත්දැකීම් මත විද්‍යාත්මකව තහවුරු කරගත් සිද්ධාන්තමය පදනමක් සහිත අදහස් සමූහයක එකතුවක් ලෙස න්‍යාය හැඳින්වීමට පුළුවන."

 

මෙම නිර්වචනය තුළද න්‍යාය පිළිබඳව පුළුල් අදහස් දැක්වීමට න්‍යායක් ප්‍රධාන වශයෙන් ආනිභාවිකව ගොඩනැගෙන බව කියා එයින් අදහස් කරනුයේ න්‍යාය සතු දැනුම කල්පිත දැනුමක් නොවන බවය. එය පර්යේෂකයා අත්දැකීම් මත ගොඩනගා ගන්නා ලද දැනුමක් බවත්ය.එමෙන්ම අනෙක් නිර්වචන වල මෙන්ම මෙහිදී ද න්‍යායාත්මක දැනුම සිද්ධාන්තමය බවත් ඒ තුළ අදහස් සමූහයක් පවතින බවත් කියැවේ.මෙලෙස නිර්වචන රාශියක් පදනම් කර ගනිමින් න්‍යාය යනු කුමක්ද යන්න පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට පුළුවන.කෙසේ නමුත් න්‍යාය යන සංකල්පය පහසුවෙන් අර්ථකථනය කළ නොහැකි සංකල්පයක් බව පැහැදිලි ලෙස දැක්වීමට පුළුවන් වෙයි.එම නිසා න්‍යාය නිර්වචනය කරනවා වෙනුවට වෙනත් ප්‍රවේශ ඔස්සේ න්‍යාය පැහැදිලි කිරීමට විද්‍යාඥයන් මහන්සි ගෙන ඇත.

සමාජ විද්‍යා විෂය තුළ ප්‍රධානම විෂය ධාරාවක් වන්නේ න්‍යායාත්මක සමාජ විද්‍යාවයි. නමුත් න්‍යාය නමැති සංකල්පය අර්ථ නිරූපණය කර දැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ.

තෝමස් වර්ඩ් නැමති පර්යේෂකයා මේ පිළිබඳව පුළුල් අදහසක් ඉදිරිපත් කරයි.ඔහු පෙන්වා දෙන්නේ එක් එක් පර්යේෂකයා න්‍යාය පිළිබඳව දක්වන අර්ථකථන එකිනෙකට වෙනස් බවයි.ඔහු තවදුරටත් දක්වන්නේ එකම පර්යේෂකයා න්‍යාය අවස්ථා දෙකකදී අර්ථකථනය කරන ආකාරය එකිනෙකට වෙනස් බවයි.ඔහුගේ තර්කය වන්නේ එනිසා න්‍යාය අර්ථකථනය කිරීම අසීරු බවයි.ඔහු එම නිසා න්‍යාය පැහැදිලි කිරීම සඳහා රචනා වූ ග්‍රන්ථ 100 තෝරා ගනිමින් ඒවා අතුරින් සාර්ථක නිර්වචන 27 ක් තෝරා ගෙන ඇත.ඒවා පදනම් කරගනිමින් ඔහු න්‍යාය පිළිබඳව කරුණු දක්වා ඇත.

 

·        නිර්වචන වලින් 89% න්‍යාය තුළ විධිමත් ව්‍යුහයක් ඇති බව දක්වයි.

·        නිර්වචන වලින් 74% න්‍යායක් තුළ උපන්‍යාස ඇති බව දක්වයි.

·        නිර්වචන වලින් 70% න්‍යාය තුළ තාර්කික සම්බන්ධතා ඇති බව දක්වයි.

·        න්‍යාය තුළින් 59% න්‍යාය තුළ ප්‍රස්තුත ඇති බව දක්වයි.

·        නිර්වචන වලින් 44% න්‍යාය තුළ තාර්කික උද්ගමන භාවිතා වූ බව දක්වයි.

 

මේ අනුව න්‍යායක් යනු කුමක්ද යන්න පිළිබඳව අර්ථ නිරූපණය කර දැක්වීම සංකීර්ණ බව පැහැදිලි වේ.කෙසේ වෙතත් න්‍යායකට පැහැදිලි ලෙස ව්‍යුහයක් පවතී.එනම් සැකැස්මක් පවතී.එය සකස් වී ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ වලින් විද්‍යාත්මක පර්යේෂණ සොයාගන්නා ලද අදහස් වලිනි.එම අදහස් තාර්කික මෙන්ම මතවාදී ස්වභාවයක් ගනී. 

මෙහිදී අදහස් ලෙස සලකනු ලබන්නේ එම න්‍යාය සතු ප්‍රස්තුත,සංකල්ප,ප්‍රමේය,තර්ක,උපන්‍යාස,නිර්වචන,ප්‍රමිති,සූත්‍ර,තර්ක ක්‍රම යනාදියයි.

ස්තූතියි.
මදුහංසි අත්තනායක
BA , MA in Sociology (UOK)




No comments:

Post a Comment

සමාජ ගතිකත්වය

  සමාජ ගතිකත්වය සමාජ ගතිකත්වය යනු කාලය හරහා සිදුවන වෙනස්වීම් ක්‍රියාවලීන්හි ප්‍රජාවන් සහ සමාජ ආයතන පිළිබඳ ආනුභවික අධ්‍යයනය කෙරෙහි අවධානය ය...