සංකේතාත්මක අන්තර් ක්‍රියාවාදය
ජෝර්ජ් හර්බට් මීඩ්
ජෝර්ජ් හර්බට් මීඩ් 1863 වසරේ ඇමරිකාවේ මැසචුසෙස් හී උපත
ලැබීය. ඔහු සත්‍ය වශයෙන් ම මනෝ විද්‍යාවට, සමාජ මනෝ විද්‍යාවට සහ දර්ශනයට දායක වූ
ඇමරිකානු චින්තකයකු ලෙස හැඳින්විය හැකිය. ඔහුගේ මූලික උපාධිය ලබාගෙන ඇත්තේ 1883 දී
ඔබ්ලින් විශ්ව විද්‍යාලයේය. 1887 දී හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුවද උපාධිය
සම්පූර්ණ නොකළේය. ඒ අනුව මොහු සතුව පශ්චාත් උපාධියක් නොමැත. මොහු විසින් කිසිදු
පොතක් රචනා කර නොමැත. නමුත් ඔහු විශිෂ්ට ගුරුවරයෙකි.
ඔහුගේ ගෝලයන් විසින් පසු කලෙක ලියන ලද ඔහුගේ සංවාද, අදහස් හුවමාරු කිරීම්, ඉගැන්වීම් වර්තමානයේ අධ්‍යයන සඳහා යොදා ගනු
ලබයි. එලෙස රචනා කරන ලද කෘති අතර වැදගත් ම කෘතියක් ලෙස Mind,
Self and Society හඳුන්වා දිය
හැකිය. මොහු විසින් කිසිදු විභාගයක් ශිෂ්‍යයන් වෙත ලබා නොදුන් අතර තමන් ඉගැන්වූ දේ
පමණක් ලියන ලෙස කීය. ඔහු මිය ගියේ 1931 වර්ෂයේ දීය.
මොහුගේ මිතුරකු වූ ජෝන් ඩේවි විසින් ජෝර්ජ් හර්බට් මීඩ්
පිළිබඳ ව සඳහන් කර ඇත්තේ " ඇමරිකාවේ නව්‍යමය මනස ඔහු බවයි" ("The most
original mind in Philosophy in the America of the last generations")
මොහුගේ මූලික ඉගැන්වීම නම් මම යනු අනෙකාගේ ප්‍රකාශනයේ
පිළිඹිබුවකි. මේ සඳහා ඔහු ඔහුගේ න්‍යාය ඉදිරිපත් කර ඇත. නමුත් මෙය සංකේතීය අන්තර්
ක්‍රියාවාදය ලෙස හඳුන්වා ඇත්තේ ඔහුගේ ශිෂ්‍යයකු වන හර්බට් බලුමර් විසිනි.
Key Areas
·
Gestures
·
Significant Symbols
·
Mind and Self- අස්මිතතාවය
·
Child Development
·
Generalized Other Society
මීඩ්ගේ න්‍යාය ශුද්‍ර න්‍යායන් ඝනයට අයත් වේ. එහි
විශේෂත්වය වන්නේ මුළු මහත් සමාජ ව්‍යුහයන් පිළිබඳ දැක්මකින් නොව සමාජයේ යම් ඒකකයක්
පිළිබඳව වඩා තීව්‍ර හැදෑරීමක් වීමයි. යම් ආකාරයක ඔහුගේ හැදෑරීමේ මූලික කරුණක් ලෙස 'සංකේත´ දැක්විය හැකිය. මීඩ්ගේ දැක්මට අනුව මානව
චින්තනය, අත් ත්දැකීම්
සහ හැසිරීම්/ පැවැත්ම (Conduct) අනිවාර්යයෙන් ම සමාජීය වේ. (මොහු මෙය 1934 දී ඉදිරිපත්
කළ චින්තනයකි.) එනම්; මනුෂ්‍යයාගේ පැවැත්ම සමාජීය වේ. එසේ වන්නට හේතු වන්නේ
මානවයාගේ අන්තර් ක්‍රියා සංකේතීය අර්ථයන්ට අනුව නිර්මාණය වන නිසාය.
සංකේත
මිනිසා අන්තර් ක්‍රියා සිදු කරන්නේ සංකේතීය අර්ථයන්ට
අනුවය. එකී සංකේත අතර භාෂාවේ සංකේත ප්‍රධාන තැනක් ගනු ලබයි. සංකේතයක් සරල වශයෙන්
කිසියම් වස්තුවක් හෝ සංසිද්ධයක් වෙනුවෙන් පමණක් පෙනී සිටින්නේ නැත. එනම්; එකී සංකේතය විසින් එකී සංසිද්ධිය හෝ වස්තුව
සුවිශේෂී ආකාරයකට අර්තකතනය කරනු ලැබේ.
උදාහරණ :
·
පුටුව - පුටුව යනු
හුදු ද්‍රව්‍යමය ඒකකයක් පමණක් නොව, එය හිඳ ගැනීමේ ක්‍රියාව ඇතුලුව කිසියම් චර්යා
ප්‍රවාහයක් ප්‍රතිනියෝජනය කරන සංකේතයක් ලෙස මිඩ් හඳුන්වයි.
වස්තූන් සහ සංසිද්ධීන් සඳහා සවිස්තර අර්ථයක් සංකේත මඟින්
ආරෝපණය කරනු ලබයි. මෙලෙස කිරීමේ දී ඒවාට අදාළ අර්ථ බොහෝමයක් බැහැර කිරීමට සිදු විය
හැකිය. මීඩ්ට අනුව අර්ථ සහගත ලෙස අන්තර් ක්‍රියා පවත්වා ගැනීම සඳහා මිනිසාට සමාජ
පරිසරය විසින් සංකේත ඇසුරු කර ගනිමින් මාර්ගයක් නිර්මාණය කර දෙනු ලැබේ.
සංකේත නොතිබෙන්නට සමාජයක් ගොඩ නැඟෙන්නේ නැත. සමාජය ගොඩ
නැඟෙන්නේ බෙදාගත් අර්ථකතන පද්ධතියක් අනුවය. වස්තූන් හා අවස්ථාවන්ට ඊට අදාළ
නෛසර්ගික (අනන්‍ය වූ ගුණයක්) ස්වභාවයක් නැත. ඒ වෙනුවට වස්තූන් හෝ සංසිද්ධීන්
පුද්ගලයා විසින් ප්‍රත්‍යක්ෂ කර ගන්නා ආකාරය අනුව එය රඳා පවති. සංකේතවලින් තොරව
මානව සමාජයට පැවැත්මක් නැත. සංකේතවලින් තොරව මිනිසාට අන්තර් ක්‍රියා කළ නොහැකිය.
සතුන්ට සහජාස්‍රයක් ඇත. එනම්; ඉවක් ඇත. ඔවුන්ගේ ඉව අනුව කටයුතු කරයි. නමුත්
මිනිසාට සහජාස්‍රයක් නැත. ඒ නිසා ඔහුට සංකේතීය අන්තර් ක්‍රියාවක් අවශ්‍ය වේ. සහජමය, ජානමය සැකැස්මක් මිනිසාට නොමැත. කිසියම් උත්තේජනයක්
සඳහා ඉබේට ම ප්‍රතික්‍රියා දැක්වීම වෙනුවට මිනිසා සිය පැවැත්ම සඳහා සංකේතීය අර්ථ
නිර්මාණය කිරීම සහ අර්ථ සහිත ලෝකයක ජීවත් වීම හේතුවෙන් සංකේත නිර්මාණය කර ගැනීමට
ඔහුට සිදු වේ.
උදාහරණ :
·
මිනිසා ආහාර සොයා ගැනීමේ දී අගුණ, සීත, ගුණ, යනුවෙන් මිනිසා විසින් සංකේත පද්ධතියක්
නිර්මාණය කරගෙන ඇත. කදුරු ගත් කල එය වස බව දන්නේ අත්දැකීමෙනි
Role Taking - භූමිකා අත්පත් කර ගැනීම
සංකේත වලින් තොරව මිනිසාට සිතිය නොහැකිය. මිනිසා තමන්
කවුද යන්න සොයා ගන්නේ කෙසේද? ලෙස මිනිසාගේ අභ්‍යන්තර මනස තුළ සංවාදයකට යොමු වේ.
මීඩ්ට අනුව තමන් ගැන ඇති ස්වයං සංකල්පය නිර්මාණය කර
ගැනීමේ දී පොදු මිනිසාගේ අන්තර් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ වෙනත් පැවැත්මක්
පවතී. එය මිඩ් විසින් සාමාන්‍ය කරණය කරනු ලැබූ අනෙකා (Generalize
Other) ලෙස හඳුන්වනු
ලබයි. එනම්; අප ජීවත් වන්නේ අප කැමති ලෙස ද එසේත් නැත්නම් පොදු ස්වරූපයකට අනුගතව ද
යන්නයි.
සංකේත නොමැති නම් මිනිසුන්ගේ අන්තර් ක්‍රියා ගොඩනඟා ගත
නොහැකිය යන්න සංකේතීය අන්තර් ක්‍රියාවාදයේ මූලික අදහස වේ. මිනිසා විසින් මනුෂ්‍ය
ජීවිතයේ සෑම සංසිද්ධියක් සඳහාම එක් ආකාරයකට අර්ථකතනය කරගනු ලබයි; ඒවාට සංකේතීය අර්ථයක් සම්පාදනය කරනු ලබයි.
එසේම අප ගණුදෙනු කරන සෑම ද්‍රව්‍යයක් ම කිසියම් ආකාරයක සංකේතීය අර්ථකතනයකට ලක්
කරනු ලබයි. මෙලෙස සංකේතීය අර්ථ සම්පාදනය කර නොගත හොත් මිනිසාට සන්නිවේදනය කර
ගැනීමට කිසිදු වෙනත් විකල්පයක් නොමැති බව මේ න්‍යායෙන් පැහැදිලි වේ. එලෙස නිර්මාණය
කර ගනු ලබන සංකේත සමාජයක් ලෙස පොදුවේ බෙදා ගැනීමක් අවශ්‍ය වේ.
මිඩ්ට අනුව මෙම න්‍යාය තුළ භූමිකා අත්පත් කර ගැනීම (Role
Taking) යන්න සමාජයේ
සාමාජිකයන් ගත කළ පුළුල් වශයෙන් බෙදා ගැනීමකින් තොරව සමාජ ජීවිතය ඉදිරියට ගෙන යා
නොහැකිය. එනම්; සමාජයේ ඇති සියලු සංකේත සමාජීය වශයෙන් බෙදා ගත යුතුය. එසේ නොවෙන්නට
සන්නිවේදනය කළ නොහැකි අතර මානව අන්තර්ක්‍රියා පවත්වා ගැනීම ද නොහැකිය. මාන්‍ව
අන්තර්ක්‍රියාවන්ට තුඩු දෙන, ඒවා බල ගන්වන
සියලු ම ආකාරකේ සංකේත පොදු සංකේත ෙලස හඳුන්වනු ලබයි.
අන්තර් ක්‍රියා පවත්වා ගැනීම සඳහා සෑම තැනැත්තෙක් ම
අනෙකාගේ අන්තර් ක්‍රියා සහ එහි අර්ථයන් විග්‍රහ කර ගැනීම අවශ්‍ය බව මීඩ් පවසයි.
මෙය විය හැකි තත්වයකට පත් කරනු ලබන්නේ බෙදාහදා ගත් සංකේත අර්ථ මඟිනි. එසේම සංකේතීය
අර්ථ වටහා ගැනීම සඳහා අනෙකාගේ භූමිකා අත්පත් කර ගෙන තමා තුළින් විග්‍රහ කිරීමට
මිනිසාට සිදු වේ.
භූමිකා අත්පත් කර ගැනීම ක්‍රියාවලිය සඳහා සිදුවිය යුතු
පළමු කරුණ නම් එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගේ හැසිරීම් සමඟ අනුගත වීමට
පරිකල්පනීය වශයෙන් අනෙකා තුළට ඇතුලු වීමට සිදු වේ. එනම්; තමා විසින් අන්තර් ක්‍රියාවේ යෙදෙන අනෙක්
පුද්ගලයාගේ මානසික තත්වයට තමා ඇතුලු වී තමා විසින් ඔහුගේ අස්ථානය (Situation)
වටහා ගැනීම සිදු වේ.
උදාහරණ:
·
X නම් තැනැත්තා Y නම් තැනැත්තාගේ සිනහවක් නිරීක්ෂණය කරයි. ඒ
සඳහා ප්‍රතිචාරයක් දැක්වීම සඳහා එම සිනහව තේරුම් ගැනීම අවශ්‍ය වේ. (ආදරණීය සිනහවක්, උපහාසාත්මක සිනහවක්, ලැජ්ජාවට පත් කරන ආකාරයේ හිනාවක්) අනෙකාගේ
මානසික අස්ථානයන් වටහා ගැනීම ප්‍ර1තිචාර දැක්වීම සදහා වැදගත් වේ.
·
X විසින් සිනාසුණු තැනැත්තාගේ භූමිකාව තුළට පරිකල්පනීය වශයෙන් ඇතුලු වේ.
සිනහවේ අන්තර් ක්‍රියාව හා අර්ථය වටහා ගැනීමට එය අවශ්‍ය වේ. X ගේ ප්‍රතිචාරය ගොඩ නැඟෙන්නේ අනෙකාගේ (Y ගේ) ක්‍රියාවේ
ස්වරූපයේ පිළිබඳ වන සංකේතීය ප්‍රකාශනයේ අර්ථය පදනම් කර ගනිමිනි.
ඒ අනුව මිනිසාගේ අන්තර් ක්‍රියාවන් බොහෝමයක් ස්වයං
සිද්ධාන්ත ක්‍රියාවන් නොවන බව පෙනේ. මෙහි දී මිනිසාගේ අන්තර් ක්‍රියාවන් ගොඩ
නැඟෙන්නේ ස්වයං සිද්ධි ස්වරූපයෙන් නොව සංකේත සහ සංසිද්ධි අර්ථ විනිශ්චය කර ගැනීම
තුළින් බව මීඩ් තර්කයක් ගොඩනඟයි. එසේ අර්ථ විනිශ්චය කර ගැනීමට අවශ්‍ය මූලික
කාරණයක් වන්නේ අනෙකාගේ භූමිකාව තුළට වැදී අනෙකාගේ භූමිකාව තමන් අත්පත් කර ගැනීමයි.
එහි දී ප්‍රතිචාරකයා තේරුම් ගනු ලබන කාරණා අතර ඉංගිති (Gestures)
වැදගත් වේ.
අන්තර් ක්‍රියාවේ යෙදන්නා ඉංගිතිය අර්ථකතනය කර ගැනීම හා
එකී අර්ථකතනය මත පදනම් ව අන්තර් ක්‍රියාව පවත්වා ගැනීමට තීරණය කරයි. එසේම එම ප්‍රතිචාරය
කෙබඳු එකක් ද යන්න තීරණය කරන්නේ ද එය අර්ථ කතනය කර ගන්නා ආකාරය අනුවය.
උදාහරණ:
·
අත මිට මෙලවීමක් විහිළුවක් ලෙස ද සිදුවිය හැකිය. එසේම ප්‍රචණ්ඩ ප්‍රහාරයක
අර්ථයෙන් ද ගත හැකිය. එසේ ගනු ලබන තේරුම් ගැනීම මත ප්‍රතිචාරය තීරණය වේ. එම තේරුම්
ගැනීම තුළ අන්තර් ක්‍රියාව අවසන් කරනවා ද පවත්වාගෙන යනවා ද යන්න තීරණය වේ.
ඒ අනුව ඕනෑම අන්තර් ක්‍රියාවක් ඉදිරියට පවත්වාගෙන යා
හැක්කේ අනෙකාගේ භූමිකාව තේරුම් ගැනීමෙන් සහ එය විශ්ලේෂණය කොට එයට ප්‍රතිචාර
දැක්වීමෙනි. අන්තර් ක්‍රියාවක් කුමන හැඩයක් ගන්නේ ද එය කොතෙක් දුර පවත්වා ගෙන යනවා
ද එය කොතැනින් නවත්වනවා ද යන තීරණ තීන්දු අදාළ සංකේතීය ප්‍රකාශනයෙහි අර්ථය මත
පදනම් වේ. ඒ අනුව මානව අන්තර් ක්‍රියාවක් යනු අඛණ්ඩව සිදු වන අර්ථකතන ක්‍රියාවලියකි
(Continues Process of Interpretation). අන්තර් ක්‍රියාවේ යෙදෙන තැනැත්තන් අතර සිදු වන එකිනෙකාගේ
භූමිකාවන් අර්ථකතනය කර ගැනීමේ අඛණ්ඩ ක්‍රියාවලියකි.
(03 වන කොටසින් හමුවෙමු)
මදුහංසි අත්තනායක
No comments:
Post a Comment