Tuesday, February 27, 2024

සමාජ විද්‍යා න්‍යායෙහි කාර්‍ය භාරය හඳුනාගැනීම


 

 සමාජ විද්‍යා න්‍යායෙහි කාර්‍ය  භාරය හඳුනාගැනීම.



 

සමාජ විද්‍යා න්‍යාය පිළිබඳ අවධාරණය යොමු කරන තවත් වැදගත් සංකල්පයක් ලෙස න්‍යායෙහි කාර්යභාරය හෙවත් න්‍යායෙහි ප්‍රයෝජන දැක්වීමට පුළුවන් වෙයි.මෙය න්‍යායෙහි අවශ්‍යතාවය, වැදගත්කම,න්‍යායෙහි සීමා යනාදී විවිධ වචනවලින් හැඳින්විය හැකිය.

 

සමාජ විද්‍යාන්‍යායෙහි කාර්යභාරය පිළිබඳව වඩාත් පුළුල්ව සලකා බලන විට එහි ප්‍රයෝජන ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිර පවතී.

 

·        න්‍යායාත්මක ප්‍රයෝජන

·        ව්‍යවහාරික ප්‍රයෝජන (ප්‍රායෝගික සමාජ විද්‍යාවේදී)

·        ප්‍රතිපත්ති සම්පාදනයේ සහ සැලසුම්කරණයේදී වැදගත් වීම.

 

මෙලෙස සංෂිප්තව දැක්විය හැකි න්‍යායෙහි කාර්යභාරය වඩාත් පුළුල්ව සලකා බලන විට පහත සඳහන් කරුණු ඔස්සේ සාකච්ඡා කිරීමට හැකිවේ .

 

·        ගැටලුව සහ එහි ක්‍රියාකාරිත්වය හඳුනාගැනීමට වැදගත් වීම.

·        අර්ථවත් උපන්‍යාස ගොඩනගා ගැනීමේදී වැදගත් වීම.

·        අනාවැකි පළ කිරීමේදී වැදගත් වීම.

·        සමාජ විද්‍යාත්මක දිශානතීන් සහ ප්‍රස්තුත අතර ඇති සබඳතා  තවුරු කිරීමට වැදගත් වීම.

·        යමක් සහ ඔරු කිරීමේදී සාක්ෂියක් වශයෙන් වැදගත් වීම.

·        න්‍යාය යමක් විමසා බැලීමේදී ආයුධයක් ලෙස වැදගත් වීම.

·        අපගේ දැනුමෙහි පවතින හිඩැස් පිරවීම සඳහා න්‍යාය වැදගත් වීම.

 

ඕනෑම පර්යේෂකයෙකුට සැලසුම්කරුවෙකුට තම අධ්‍යයනයට භාජනය කරනු ලබන ගැටලුව වැදගත්ය. එහිදී පර්යේෂකයාට පළමුව සිදු වූ එම ගැටලුව අර්ථකථනය කරමින් එය සරල ගැටලුවක් බවට පත් කර ගැනීමය. එමෙන්ම එම ගැටලුව නැවත විචල්‍යය කෙරෙහි බලපාන සෙසු විචල්‍ය සාධක හඳුනා ගනිමින් ගැටළුව හා සම්බන්ධ විචල්‍යවල ක්‍රියාකාරීත්වය හෙවත් හැසිරීම හඳුනාගැනීමට පර්යේෂකයාට සිදුවේ. ඒ සඳහා පර්යේෂකයා අනුගමනය කරන ක්‍රියාමාර්ග වන්නේ සාහිත්‍ය විමර්ශනවල යෙදීමයි. මෙහිදී සාහිත්‍ය විමර්ශන ලෙස අදහස් කරනු ලබන්නේ එහි වැදගත් ක්‍රියාකාරකමක් වන අදාල ගැටලුව සම්බන්ධයෙන් ලියවී ඇති ග්‍රන්ථ (න්‍යායන්) හැදෑරීමට ලක්කිරීමයි.

 

උදාහරණ

ළමා අපචාර පිළිබඳව පර්යේෂණයක් කරන්නේ නම් , එය සංකීර්ණ ගැටලුවකි.එහිදී ළමයා යනු කවුද? අපචාර යනු මොනවාද? ඒවා කෙරෙහි බලපාන විචල්‍ය සාධක මොනවාද? එම විචල්‍යවල හැසිරීම කෙබඳුද යනාදිය සොයා බැලීමට පුළුවන.

 

පර්යේෂණයක් සිදු කිරීමේදී අර්ථවත් උපන්‍යාසයක් ගොඩනගා ගත යුතුය.උපන්‍යාසයක් යනු ගැටළුව ඇති වීම කෙරෙහි බලපානු ලබන හේතුව වශයෙන් තමා තෝරා ගත් දෙයයි. මෙහිදී පර්යේෂකයා ගැටළුව හෙවත් සලකන විචල්‍යය අර්ථකථනය කලා සේම උපන්‍යාසය හෙවත් හේතුකාරක විචල්‍යයන්ද අර්ථකථනය කළ යුතුය. එලෙස උපන්‍යාසය හඳුනාගත් පසු එම හේතුව සහ ඵලය අතර සබඳතාවය ප්‍රස්තුතය මත තහවුරු කළ යුතුය. මේ සඳහා මග පෙන්වනු ලබන්නේ සාහිත්‍ය විමර්ශන හෙවත් පොතපත ආශ්‍රිත න්‍යායාත්මක දැනුමයි.

උදාහරණ

පෙර කී ළමා අපචාර නැමැති ගැටලුවට හේතුව වශයෙන් මව විදේශගතවීම දක්වන්නේ නම් එම උපන්‍යාසය පැහැදිලි කරන ඒවා අතර හේතුඵල සබඳතා ප්‍රස්තුත වලින් ඔප්පු කිරීමට සිදුවේ.මේ සඳහා සාහිත්‍ය විමර්ශන වැදගත්වේ.

න්‍යායෙහි තවත් කාර්යභාරයක්  ලෙස අනාවැකි පළ කිරීමට හැකිවීම දැක්විය හැකිය.

අනාවැකි යනු අනාගතයේ සිදු වන දෙයක් පිළිබඳව කල්තියා කරනු ලබන හෙළිදරව්වකි. මේ සඳහා සමාජ විද්‍යාව ප්‍රධාන වශයෙන් අත්හදා බැලීමේ පර්යේෂණ සිදුකරනු ලබයි. සමාජ විද්‍යාව අනාගතයේ නිශ්චිතව පළකිරීම සඳහා එය ඔප්පු කර තහවුරු කර සනාථ කර ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය භාවිතයට ගනී.

උදාහරණ

තාරකා විද්‍යාඥයින් අනාගතයේ දිනක සිදුවන සූර්යයක් ග්‍රහණය පිළිබඳව අනාවැකියක් පළ කරන විට එය එසේ සිදුවන බවත් එය සිදුවන්නේ පහත ක්‍රියාකාරිත්වය මත බවත් ඔප්පු කර දක්වයි. ඒ සඳහා භාවිතයට ගන්නේ න්‍යායාත්මක දැනුමයි.

 

පර්යේෂණයක් කරන විට පර්යේෂකයා තෝරාගන්නා ලද ගැටලුව සඳහා උපන්‍යාසයක් තනාගනුයේ සමාජ විද්‍යාත්මක දිශානතියකි. එය සමාජ විද්‍යාත්මක ප්‍රවේශය,දෘෂ්ටිවාදය යන වචන වලින් හැඳින්විය හැකිය.

 

එලෙස ගොඩනගාගත් ප්‍රවේශය ඔප්පු කර දැක්වීමට සිදුවේ. ඒ සඳහා පර්යේෂකයා දත්ත රැස් කරමින්, විශ්ලේෂණය කරමින්, සංස්ලේෂණය කරමින්, ආනුභූතික සාමාන්‍යකරණයට ලක් කරයි. එලෙස ආනුභූතිකව ගොඩනඟා ගත් ප්‍රස්තුත තුළින් මුලින් ගොඩනගා ගත් දිශානතිය ඔප්පු කිරීමට සිදුවේ. එය ඔප්පු කිරීම සඳහා පර්යේෂකයා විධිමත් දැනුමක් හෙවත් න්‍යායාත්මක දැනුමත් භාවිතා කිරීමට සිදුවේ.

 

න්‍යාය යමක් ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවෙකු වශයෙන් ක්‍රියා කරයි.යමක් සිදු වූ බව හෝ සිදුවන බව ප්‍රකාශ කළද, එය තව අයෙකුට පිළිගත නොහැකිය. එය තවත් අයෙකුට විද්‍යාත්මකව පිළිගත හැක්කේ න්‍යායාත්මකව සනාථ කළහොත් පමණි. එම නිසා ලොව බොහෝ දේවල් සනාථ කර ඇත්තේ නියායාත්මක දැනුම පදනම් කරගෙනයි.

 

මෙම කරුණ තුළ පෙන්වා දෙන්නේ න්‍යායට යමක් නොපෙනෙන පැත්තක් අනාවරණය කළ හැකි බවයි.  න්‍යායාත්මක දැනුම යම් ගැටලුවකට ප්‍රවේශ වීමට නොඑසේනම් යම් ගැටලුවක නොපෙනෙන  අභ්‍යන්තරය අනාවරණය කිරීමට හැකි බවයි.

උදාහරණ

එමිල් ධුර්කයිම් සිය දිවි නසා ගැනීම පිළිබඳව පර්යේෂණය සිදුකිරීමට පෙර මිනිසුන් සිතා සිටියේ මානසික රෝගීන් සියදිවි නසා ගන්නා බවයි.නමුත් දුර්කයින්ගේ එම අනාවරණයත් සමඟ සමඟ සියදිවි නසාගන්නේ මානසික රෝගීන් නොව යම් යම් සමාජ විද්‍යාත්මක පැතිකඩයක් හෙළිදරව් කිරීමට න්‍යායට  හැකි විය.

 

න්‍යාය විටෙක ගුරුවරයකු මෙන් අපට දැනුම සම්පාදනය කරනු ලබයි.න්‍යායාත්මක පර්යාය ලෝකයන් ( විග්‍රහාත්මක ආකෘති) තුළින් අපගේ බුද්ධිමය පක්ෂය සංවර්ධනය කරයි. ඒ සමගම විෂය දැනුම පමණක් නොව ලෝකය සහ ජීවිතය පිළිබඳවද අවබෝධය  වර්ධනය කරයි.

උදාහරණ

දුගී බව පිළිබඳ සංකල්පය අප හොතෙකුත් අත් දෙක තිබුණද ඔස්කා ලුවිස්ගේ දුගී බවෙහි සංස්කෘතිය නැමැති න්‍යාය හැදෑරූ පසු ඒ පිළිබඳව අප තුළ පැවති දුර්මත ඉවත් වී නිවැරදි අවබෝධයක් ලැබේ.

 

මෙලෙස සමාජ විද්‍යා න්‍යාය විසින් සමාජ විද්‍යා විෂයටත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලටත් එනම් පර්යේෂණ සහ ප්‍රතිපත්ති සම්පාදනීය සහ සැලසුම්කරණය සඳහාත් සුවිශාල කාර්ය භාරයක් ඉටුකරන බව පෙන්වාදීමට පුළුවන.

·        සමාජ විද්‍යාත්මක න්‍යායේ කාර්යභාරය හදුනා ගැනීම

·        සමාජ විද්‍යාත්මක න්‍යාය අපට ක්‍රම කිහිපයකින් උපකාරී වේ:

·        සමාජය අවබෝධ කර ගැනීම:

සමාජ විද්‍යාත්මක න්‍යායන් අප වටා ඇති සංකීර් ණ සමාජ ලෝකය අවබෝධ කර ගැනීම සඳහා රාමුවක් සපයයි. සමාජය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම් සහ අර්ථ නිරූපණයන් ඉදිරිපත් කිරීමෙන් ආයතන, අන්තර්ක්‍රියා සහ ව්‍යුහයන් වැනි සමාජ සංසිද්ධීන් විශ්ලේෂණය කිරීමට න්‍යාය අපට උදව් කරයි.

 ස්තූතියි.

මදුහංසි අත්තනායක 

BA , MA (Sociology) University of Kelaniya 




No comments:

Post a Comment

සමාජ ගතිකත්වය

  සමාජ ගතිකත්වය සමාජ ගතිකත්වය යනු කාලය හරහා සිදුවන වෙනස්වීම් ක්‍රියාවලීන්හි ප්‍රජාවන් සහ සමාජ ආයතන පිළිබඳ ආනුභවික අධ්‍යයනය කෙරෙහි අවධානය ය...