හෝමාන්ස් සහ ගැටුම් න්‍යාය
මොහු ගැටුම් න්‍යායට එතරම් වැදගත් නොවන අතර මොහුගේ න්‍යාය
CRITICAL THEORY ලෙස හඳුන්වනු ලබයි. එනම් විචාරාත්මක න්‍යායයි. ජර්මන් නගරයක් වන ෆ්‍රැන්ක්
ෆර්ට් හී මෙම න්‍යාය ආරම්භ වූ අතර මෙම න්‍යාය බොහෝ විට ධනේශ්වර ක්‍රමය සම්බන්ධයෙන්
විචාරාත්මක මතවාද ඉදිරිපත් කරන න්‍යායකි. frank first
school ජර්මනියේ
ආරම්භ වී ඇමරිකාවට සංක්‍රමණය වූයේ හිට්ලර්ගේ මර්දනය හේතු කොටගෙනය.
මෙම කණ්ඩායමට නැවත ජර්මනියට පැමිණ ඇති අතර මෙහි නායකයා
හබර් මාස්ය. තවම ජීවත් වන ජර්මනීයේ ප්‍රබල චින්තකයෙක් වේ. මොහු මාක්ස්වාදයට යම්
තරමකට බරය. නමුත් මොහු මාක්ස්ට වඩා වෙනස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක සිට
සමාජය විග්‍රහ කරන බැවිනි. මොහු කතන ආබාධයක් සහිත වූවෙක් අතර නමුත් පැහැදිලිව
කරුණු ඉදිරිපත් කරනු ලබයි. යුක්රේන යුද්ධය පිළිබඳව ද ඉතාම වැදගත් ලිපියක් මොහු මෑත
කාලීනව ඉදිරිපත් කර ඇත. මොහුගේ නියාය තුළ ඔහු ගැටුම් සම්බන්ධයෙන් දැරූ මතය මෙහිදී
වැදගත් වන අතර විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේදී සන්නිවේදනීයේ ඇති වැදගත්කම
සම්බන්ධයෙන් මොහු කරුණු අනාවරණය කරනු ලබයි. මෙහිදී විශේෂයෙන් ඔහුගේ අවධානය යොමු
වූයේ සන්නිවේදනය (ප්‍රජාතන්ත්‍රවාදී) සඳහා රාජ්‍ය විසින් සිදු කරන්නේ කෙසේද? යන්නයි. ඊට ප්‍රතිචාර ලෙස සමාජයෙන් ඇතිවන්නේ
කුමක්ද යන්නයි.
ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වීමට නම් වඩා හොඳ සන්නිවේදනයක්
තිබිය යුතු බව ඔහු පවසයි. 1957 දී මොහු ඔහුගේම මතය තරමක් වෙනස් වූ බැවින් ෆ්‍රැන්කර්ට්
ගුරුකුලියෙන් ඉවත් විය.මොහුගේ ප්‍රධාන තර්කය වූයේ "ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්
සාර්ථක වීමට මහජන මතය කොයිතරම් වැදගත් වේද යන්නයි".
එනම් හොඳ සන්නිවේදනයක් සහිත මහජන මතයක් බිහිවීමට ප්‍රජාතන්ත්‍රවාදය
ශක්තිමත් වීමට වැදගත් වන බවත් විශේෂයෙන්ම මොහු පවසන්නේ සමාජ විද්‍යාත්මක
විෂයන්ගෙන් සිදු කළ යුත්තේ පොත්පත්වලට ලිපි ලිවීම පමණක් නොව සමාජය දැනුවත් කිරීම
බවයි.මොහු තවත් සොයාගත් කරුණු මාධ්‍යයට ලිපි ලේඛන මගින් ඉදිරිපත් කරනු ලැබීය. මොහු
සොයාගත් කරුණු මාධ්‍ය ඔස්සේ බෙදා හැරීය.පැහැදිලි පොදු මහජනතාවට මෙමගින් ලබාදෙන
අවබෝධය තුළින් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඇති කළ හැකි බව මොහුගේ මූලික
තර්කයයි. මොහුගේ ලිපි ලේඛන අතර The structual of transformation of
the public sphere in 1962 යන කෘතිය වැදගත් වේ. මෙය පළමුව ජර්මන් භාෂාවෙන් පලවිය. මෙහි නම "
පොදු අවකාශයේ ව්‍යුහීය පරිවර්තනය" නම් විය. එනම් පොදු අවකාශයක් බිහිවීම
උදාහරණ
·
පුවත්පත්
·
මාධ්‍ය
මෙම පොදු අවකාශය ශක්තිමත් කිරීම ඔහුගේ සමාජ විද්‍යාවේ
මූලික අරමුණ විය. බොහෝ සමාජ විද්‍යාඥයෝ පුවත්පත්වලට ලිපි ලේඛන ඉදිරිපත් කරන නමුත්
මොහු බලාපොරොත්තු වන්නේ දැනුවත් කර එමගින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට ජනතාව
නැඹුරු කිරීමයි. මොහුගේ theory of communicative action නම් කෘති එහි වඩා අවධානය යොමු කර ඇත්තේ ඒ පිළිබඳවයි.
ඔහුගේ මූලික තර්කය වන්නේ සමාජය තුළ විවාදාත්මක ස්වරූපයක්
ඇති කිරීමයි. මොහු පවසන්නේ සමාජීය විද්‍යාවන්( ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව ,දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව) සමාජයට කළ හැකි මෙහෙවර නම්
සමාජය දැනුවත් කර සමාජය තුළ කතිකාවතක් ඇති කිරීම බවයි.
මොහු පොදු අවකාශය යැයි කල්පනා කරනුයේ මාධ්‍යය. මෙවැනි
ස්ථානවල විවිධ මත ඉදිරිපත් කිරීමට හැකියාව තිබිණි.පොදු අවකාශයේ යනු රාජ්‍යයේ හෝ
වෙළඳපොළ යාන්ත්‍රණයේ හෝ ආගමේ බලපෑමෙන් තොර පිළිගත් මත වලට සීමා නොවුනු
තැනක්ය.මෙහිදී මිනිසුන්ට විවිධ මත ඉදිරිපත් කර ඒවායේ හරි වැරදි බලා ගත හැකිය.
හර්බර් මාස් මාධ්‍යයවලින් නිවැරදි තොරතුරු ලබාදී වැරදි තොරතුරු නිවැරදි තොරතුරු
බවට පත් කිරීම බව හැකි දක්වයි. මොහු කල්පනා කරනුයේ පොදු අවකාශයක් නැති වූ විට
මිනිසුන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැතිවන හෙයින් පොදු අවකාශය
සැනසිය යුතු බවයි.
පුද්ගලික අවශ්‍යතා ලෙස ඔහු හඳුනාගන්නේ ගෘහස්ථ විශේෂයෙන්ම
පරිභෝජනය සිදු කරන ඒකකය පෞද්ගලික අවකාශය ලෙසටය.පවුල සමග අදහස් හුවමාරු කරගන්නේ එතන
බැවිනි.නමුත් ඔහු පවසන්නේ සමාජයේ ප්‍රගතිශීලී වෙනසක් ඇති කිරීමට නම් පොදු අවකාශය
ශක්තිමත් කළ යුතු බවයි.
මේ අනුව බලන විට මොහු ගැටුම් න්‍යාය චාරියෙක්ද යන්නට ගැටළුවක්
පවතී. මොහු ගැටුම් න්‍යායට යම්තාක් දුරකට දායක වී ඇත.නමුත් කෝසර් හෝ
ඩාරෙන්ඩොෆ් පැවසූ ආකාරයට සමාජ වෙනස ඇති
වන්නේ ගැටුම් වලින් පමණක් යන්න ඔහු පිළිනොගනී.
සමාජයේ තාර්කික භාවය වැඩි කිරීමෙන් එහි නියම දියුණුවක්
ඇති කළ හැකි බව ඔහු පවසයි. එනම් මහජනයා තම කාරණා සම්බන්ධයෙන් විචාරාත්මක අදහස්
තිබිය යුතු බව ඔහුගේ මතයයි.
විවෘත සංවාද හා සන්නිවේදනයේ ප්‍රධානතම ක්‍රමයකි.
මේවායෙන් ප්‍රශ්න ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකිවන බව ඔහුගේ මතයයි. ගැටුම්
කළමනාකරණිය සඳහා විවෘත ප්‍රශ්න එකිනෙකා සමග හුවමාරු කර ගැනීමට ඒ හරහා නිවැරදි
අවබෝධයක් ලබා ගැනීම සිදු කළ යුතු බව ඔහුගේ මතයයි.සමාජ ව්‍යාපාර වලට දායක වූ අතර
පොදු අවකාශයේ කොටස් ලෙස මෙම ව්‍යාපාර හැඳින්වීය
උදාහරණ
·
පරිසර ව්‍යාපාරය
·
තරුණ ව්‍යාපාරය
·
කාන්තා විමුක්ති ක්‍රියාකාරකම්
මේවා සමාජ වෙනස ඇති කිරීමේ ප්‍රධාන ධාවක බලවේග ලෙස ඔහු
විග්‍රහ කරයි. නමුත් ඔහු ගැටුම් අවශ්‍ය බව පැවසීය. පුද්ගලික වාසි හෝ අවාසි පදනම්
කර ගනිමින් ගැටුම් ඇතිවනවාට වඩා මතවාද පදනම් කරගනිමින් ගැටුම් ඇතිවීම සිදුවිය යුතු
බව ඔහු පවසයි.
මේ අනුව අවසානයේදී සමාජ ගතිකයන්හිදී එකඟතාව මෙන්ම ගැටුමද
ඉතා වැදගත් වේ. මෙම සාධක දෙක සමාජ ප්‍රගතියට අදාළ වේ. සමාජ වෙනස ඇතිකරන කාරකයක්
ගැටුමය. ගැටුම් වලින් හානිකර දෙයක් සිදුවිය හැකි නමුත් සමාජය බිඳ වැටීමේ ලක්ෂණ ද පවතී. මේ අනුව ගැටුම්
සමාජයේ ප්‍රගතිශීලී වෙනසක් ඇති කර ගැනීමට යොදා ගත හැක්කේ කෙසේද යන්න අවධානය යොමු
කිරීම වැදගත් වේ.
ස්තූතියි.
මදුහංසි අත්තනායක
No comments:
Post a Comment